කොළඹ නාගරික සීමාවේ කොරෝනා ආසාදිතයින් යළි ඉහළට
Tuesday, 29 December 2020 - 13:25 | Views - 401
පසුගිය දිනවල කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබුණු කොළඹ මහ නගර සභා සීමාවෙන් ඊයේ (28) දිනයේදී යළිත් රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් පෙන්නුම් කළා.
මෙරටින් ඊයේ (28) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 549 දෙනා අතරින් 220 දෙනෙකුම කොළඹ මහ නගර සභා සීමාවෙන් වාර්තා වීම විශේෂත්වයක්.
ඒ අනුව දෙමටගොඩින් ආසාදිතයින් 121 ක්, කිරුළපනින් ආසාදිතයින් 23ක්, වැල්ලවත්තෙන් ආසාදිතයින් 18 ක් වාර්තා වී තිබුණා.
එසේම,ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 124 දෙනා අතර, මහරින් හඳුනාගත් ආසාදිතයින් 35 දෙනෙකු සහ මීගමුවෙන් හඳුනාගත් ආසාදිතයින් 11 දෙනෙකු සිටියා.
මෙරටින් මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 41,603 ක් වන අතර, සම්පූර්ණයෙන්ම සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 33,221 ක්.
තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 8,188 ක් පමණයි.
කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ 03 ක් ඊයේ දිනයේදී වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 194 දක්වා ඉහළ ගියා.
Share This Article