ස්පාඤ්ඤ ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු කොස්ගොඩ තාරකගේ ගෝලයෙක්දැයි සැක
Tuesday, 29 December 2020 - 13:17 | Views - 320

නැගෙනහිර පලාත තුළ ක්‍රියාත්මක අන්තවාදී කල්ලියක ක්‍රියාකාරිත්වය පිළිබඳව පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් බුද්ධි අංශ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පසුගිය දින කිහිපය තුළ මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවි කිහිපයක් විසින් මෙම අන්තවාදී කල්ලිය පිලිබඳව තොරතුරු වාර්තා කර තිබුණා.
ඉන් කියැවුණේ කල්මුණේ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් මුස්ලිම් අන්තවාදී සංවිධානයක් ගොඩනැගෙමින් පවතින බවයි.
ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය උපාධිය හැදෑරූ පුද්ගලයෙකු මෙහි නායකත්වය ගෙන ඇති අතර, ඔහු විසින් 30 ක පමණ පිරිසක් මේ සඳහා එක්ව ඇති බවයි අදාළ පුවත්පත් වාර්තාවල සඳහන් කර තිබුණේ.
විශේෂයෙන් අනාගතයේදී ඉස්ලාම් ආගමට එල්ල විය හැකි තර්ජන පිලිබඳව එම කණ්ඩායම යූ - ටියුබ් සමාජ ජාලය හරහා සිය අනුගාමිකයින් දැනුවත් කරන බව ද අදාළ වාර්තාවල දැක්වුණා.
මේ පිළිබඳව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහගෙන් අප විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ අදාළ පුවත්පත් වාර්තාව පිළිබඳව බුද්ධි අංශ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
මෙම අන්තවාදී සංවිධානය හෝ එහි ක්‍රියාකාරකම් පිළිබඳව වාර්තා කර තිබූ තොරතුරු තමාට තහවුරු කළ නොහැකි බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.
මේ අතර, ස්පාඤ්ඤයේ නිෂ්පාදිත ගිනිඅවියක් සමග බලපිටියේදී අත්අඩංගුවට ගත් සැකකරු පිළිබඳව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
මෙම සැකකරු ප්‍රදේශයේ පිහිටි අවන්හලකදී පුද්ගලයෙකුට ගිනි අවි පෙන්වා තර්ජනය කර ඇති අතර, ඒ අනුවයි, අදාළ ගිනි අවි පිළිබඳව පොලීසියට තොරතුරු වාර්තා වී ඇත්තේ.
එහිදී තමා ළග ගිනි අවි තිබෙන බැවින් ප්‍රවේශම් වන ලෙස සැකකරු විසින් අදාළ පුද්ගලයාට තර්ජනාත්මකව ප්‍රකාශ කර තිබුණා.
ඒ අනුව, මෙම සැකකරුට විදේශීය ගිනි අවිය ලැබුණු ආකාරය පිළිබඳව සහ ඔහු දකුණේ ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කොස්ගොඩ තාරක සමග සබඳතා පැවැත්වුණේ ද යන්න පිළිබඳව ද විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඊයේ දින අත්අඩංගුවට ගත් සැකකරු බලපිටිය - ගොරකගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article