රාජ්‍ය අනුග්‍රහයෙන් කලු කඩ වෙළඳාම සිදුවන බව සජිත්ගෙන් චෝදනාවක්
Tuesday, 29 December 2020 - 12:29 | Views - 313
අද වන විට රාජ්‍ය අනුග්‍රහයෙන් කලු කඩ වෙළඳාම සිදුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා.
විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහනට සමගාමීව ලුණුගම්වෙහෙරදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ලුණුගම්වෙහෙර - බෙරලිහෙල ප්‍රදේශයේදී මෙම ජනහමුව පැවති අතර, ඊට එක්වූ ජනතාවට තමන් මුහුණදෙන ගැටලු සෘජුවම විපක්ෂ නායකවරයා වෙත ඉදිරිපත් කිරීමට ඉඩ සලසා තිබුණා.
Share This Article