මැණික් යැයි පවසා මරංචි අලෙවි කිරීමට තැත් කළ දෙදෙනෙකු අත්අඩංගුවට
Tuesday, 29 December 2020 - 12:07 | Views - 332
මැදවච්චිය - යකාවැව ප්රදේශයේ කැලෑ බද ස්ථානයකදී මැණික් බව පවසමින් අලෙවි කිරීමට සූදානම් කර තිබූ මරංචි කැබලි කිහිපයක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කැබිතිගොල්ලෑව - කැලෑපුලියන්කුලම පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත අදාල මෙහෙයුම ඊයේ (28) පස්වරුවේ සිදුකර තිබුණා.
මැදවච්චිය පොලීසිය සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා පොලීසිය වෙත භාර දුන් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 35 සහ 38 යන වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් අද මැදවච්චිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article