කොරෝනා වෛරසයේ ආරම්භය සිදුවූ වූහාන් ගැන වාර්තා කළ චීන මාධ්‍යවේදීනියට වෙච්ච දේ
Tuesday, 29 December 2020 - 11:41 | Views - 300
කොරෝනා වෛරසයේ ආරම්භය සිදුවූ බව සැලකෙන චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයේ කොරෝනා ව්‍යාප්තිය වාර්තා කළ චීන මාධ්‍යවේදිනියකට අද එරට අධිකරණයක් මගින් වසර 4 ක සිරදඩුවම් නියම කළා.
 
ෂෑන්ග් ෂෑන් නමැති 37 හැවිරිදි ඇය පසුගිය පෙබරවාරියේ වූහාන් නගරයට ගොස් එහි තත්ත්වය සජීවි ලෙස වාර්තා කළ අතර, ඇගේ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය වුණා.
 
චීන බලධාරින් විසින් පසුගිය මැයි 14 වනදා ෂැංහයි නුවරදී අත්අඩංගුවට ගනු ලැබූ ඇය සිරමැදිරියේදී උපවාසයක ද නිරත වී තිබෙනවා.
 
කෙසේ නමුත්, බන්ධනාගාර බලධාරින් ඇයට කෘත්‍රිම ලෙස බටයක් යොදා ආහාර ශරීරගත කර ඇති අතර ඇය මේ වනවිට දැඩි මානසික පීඩනයකට ද ලක්වී සිටින බවයි ඇගේ නිීතිඥයා ප්‍රකාශ කළේ.
 

මේ තත්ත්වය යටතේ අධිකරණ විභාගය කල් දමන ලෙස කළ ඉල්ලීම් නොසලකා හැර ඇති අතර ඇය අද ෂැංහයි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස සිව් වසරක සිරදඬුවමකට යටත් කෙරුණා.
 
ඇයට එරෙහිව චීන බලධාරින් එල්ල කරන චෝදනාව වන්නේ ඇය වූහාන් නගරයේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු සමාජ ගත කර ඇති බවයි
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top