දුම්රියට බිලි වූ හිමිනම
Tuesday, 29 December 2020 - 10:40 | Views - 1,405
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කහව හා අකුරල අතර ප්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් හිමිනමක් අපවත් වී තිබෙනවා.

කොළඹ සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී ඊයේ (28) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වන්නේ.

මෙලෙස අපවත් වී ඇත්තේ ඇල්පිටිය, ගණේගොඩ පුරාණ රජමහ විහාරස්ථානයේ වැඩ වාසය කළ එම පිටුවල සාරද නමැති 30 හැවිරිදි වියේ පසුවූ භික්ෂූන් වහන්සේ නමක්.

අම්බලන්ගොඩ පොලිසිය සඳහන් කළේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මේ වන විට බළපිටිය මූලික රෝහලේ තැන්පත් කර ඇති බවයි.

මෙය සිය දිවි හානිකර ගැනීමක් ද නොඑසේ නම් වෙනත් හේතුවක් නිසා මෙම භික්ෂූන් වහන්සේ දුම්රියේ ගැටුණාද යන්න සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණ පවත්වනවා.

අම්බලන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top