දුම්රියට බිලි වූ හිමිනම
Tuesday, 29 December 2020 - 10:40 | Views - 1,406
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කහව හා අකුරල අතර ප්රදේශයේදී දුම්රියක ගැටීමෙන් හිමිනමක් අපවත් වී තිබෙනවා.
කොළඹ සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ සීඝ්රගාමී දුම්රියේ ගැටී ඊයේ (28) රාත්රියේ මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වන්නේ.
මෙලෙස අපවත් වී ඇත්තේ ඇල්පිටිය, ගණේගොඩ පුරාණ රජමහ විහාරස්ථානයේ වැඩ වාසය කළ එම පිටුවල සාරද නමැති 30 හැවිරිදි වියේ පසුවූ භික්ෂූන් වහන්සේ නමක්.
අම්බලන්ගොඩ පොලිසිය සඳහන් කළේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මේ වන විට බළපිටිය මූලික රෝහලේ තැන්පත් කර ඇති බවයි.
මෙය සිය දිවි හානිකර ගැනීමක් ද නොඑසේ නම් වෙනත් හේතුවක් නිසා මෙම භික්ෂූන් වහන්සේ දුම්රියේ ගැටුණාද යන්න සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණ පවත්වනවා.
අම්බලන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
Share This Article