කන් ඇසීම අඩුවීම නිසා සිත් තැවුලට පත් තරුණයා නිවසේ බාල්කයක එල්ලී සියදිවි හානිකරගනී
Tuesday, 29 December 2020 - 10:21 | Views - 560

කන් ඇසීමේ දුර්වලතාවයක් ඇතිවීම නිසා සිත් තැවුලට පත්ව සිටි තරුණයෙකු නිවසේ බාල්කයක එල්ලී සියදිවි හානිකරගෙන ඇත.
මෙසේ අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ කිරින්ද පුහුල්වැල්ල ඕවිටිගමුව අලහේන්පිට බෝවත්තේ සම්පත් නිවසෙහි පදිංචිව සිටි දිල්ලිමුණි සම්පත් ප‍්‍රියදර්ශන නැමති 27 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
සිද්ධිය වූ දින මියගිය අය කඹුරුපිටිය උල්ලල පිහිටි සිය සොහොයුරියගේ නිවසට ගොස් සවස එකට පමණ ආපසු පැමිණ තිබෙන බවත් එදින සවස පියා නිවසට පැමිණෙන විට මියගිය අය නිවසේ සිටිනු දක්නට නොවූ නිසා සොයා බලන විට ඔහු නිවසේ පිටුපස පැත්තේ බාල්කයක එල්ලී සිටින බව දැක තිබෙන බවත් මේ පිළිබදව පැවති හදිසි මරණ පරීක්‍ෂණයේදී අනාවරණය විය.
මෙම මරණය පිළිබඳව මාතර මහ රෝහලේදී පැවති හදිසි මරණ පරීක්‍ෂණයේදී දිල්ලිමුණී පේමරත්න, නිලංකා ශ්‍යාමලී යන අය සාක්‍ෂි ලබා දුන්හ. මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරි සුමිත් අඹේපිටිය මහත් විසින් පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වනු ලැබිණි.
ඉදිරිපත්වූ සාක්‍ෂි සහ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව සැලකිල්ලට ගත් තිහගොඩ හදිසි මරණ පරීක්‍ෂක සී. එ්. සමරවීර මහතා මෙම මරණය ගෙල වැලළා ගැනීමෙන් සිදුකරගත් සිය දිවි නසාගැනීමක් බවට නිගමනය කළේය .
කඹුරුපිටිය පොලිසියේ පොලිස් සැරයන් ඒ. ජයතිස්ස මහතා (65086) සාක්‍ෂි මෙහෙයවීය.
දිවයින
Share This Article