බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයන්ට රැපිඩ් ඇන්ටිජෙන් පරීක්ෂා දස දහසක්
Tuesday, 29 December 2020 - 9:45 | Views - 306
බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයන් සදහා රැපිඩ් ඇන්ටිජෙන් පරික්ෂාවන් දසදහසකට අසන්න සංඛ්‍යාවක් මේ වනවිට සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
ඒ අනුව ඊයේ (28) සිදුකළ රැපිඩ් ඇන්ටිජෙන් පරික්ෂාවන් 1359 කදී පුද්ගලයන් 07 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හදුනා ගනු ලැබුවා.
ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇති අතර, මේ වනවිට එලෙස බස්නාහිර පළාත් සීමාවන්හිදී හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 61 ක්.
ඔවුන්ගේ ආශ්‍රිතයන් 315 දෙනෙකු හඳුනාගෙන නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.
Share This Article