කොරෝනා ආදාහනය ගැන සෞඛ්‍ය සම්පන්න තීරණයක් ගන්න
Tuesday, 29 December 2020 - 9:18 | Views - 906
කොවිඩ් 19 ආසාදිතව මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ සාමා ග්‍රී මහා සංඝ සභාවේ අන්තර් ආගමික සබඳතා අනුකමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එම නිවේදනය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ඉක්මන් හා සාධාරණ සෞඛ්‍ය සම්පන්න තීරණයක් ගන්නා ලෙසයි.

ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ සාමාග්‍රී මහා සංඝ සභාවේ අන්තර් ආගමික සබඳතා අනුකමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කර ඇති ලිපිය මගින් ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් පිළිබඳ අවධානය යොමුකර තිබෙනවා.

පළමු කරුණ වන්නේ කොවිඩ් 19 මෘතදේහ භූමදානය කිරීම සම්බන්ධයෙන් භූවිද්‍යා හා වසංගත රෝග සම්බන්ධ විශේෂඥවරුන්ගෙන් හා ඒ හා දැනුම ඇති වෛද්‍යවරුන්ද ආගමික නායකයින්ද ඇතුළුව කමිටුවක් පත්කොට නොපමාව තීරණයක් ගන්නා ලෙසයි.

විෂබීජ භූගත නොවන ලෙස ශක්තිමත් කොන්ක්‍රීට් ආවරණයක බහා භූමදානය කිරීමට හෝ කමිටුව නිර්දේශ කරන ඒහා සමාන වෙනත් ක්‍රමවේදයක් සලකා භූමදානයට අවසර දෙන ලෙස කරන සංවේදී ඉල්ලීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුකරවීම දෙවැනි කරුණයි.

මේ අතර කොවිඩ් 19 ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය සිය ස්ථාවරය පැහැදිලි කර තිබෙනවා.

එහි නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා එම නිවේදනය මඟින් පෙන්වා දෙන්නේ කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගේ සිරුරු සම්බන්ධ තීරණය සියලු ජන කොටස් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු පොදු එකඟතාවකට පැමිණ කඩිනමින් ගතයුතු බවයි.

පසුගිය 23 වැනිදා පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී  එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අදාළ යෝජනාව ඒකමතිකව අනුමත වූ බව ද එම නිවේදනයේ සඳහන්.

මෘත දේහ ආදාහනය කරන්නේද? භූමදානය කරන්නේ ද යන්න තීන්දු කිරීම ඒ ඒ ජන කොටස්වල අයිතිවාසිකමක් බවත්, විශේෂ අවස්ථාවකදී රජය ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර සියලු ආගමික නායකයින් සමඟ සාකච්ඡා කළ යුතු බවත් එම පක්ෂයේ ස්ථාවරය වී තිබෙනවා.

මේ අතර, කොවිඩ් 19 ආසාදිතව මියයන පුද්ගලයින්ගේ දේහ ආදාහනය කරන්නේද, භූමදානය කරන්නේද යන්න සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේ ඇතුළු පාර්ශ්ව කිහිපයක් මෙලෙස අදහස් පළ කළා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top