හදිසියේ අභාවප‍්‍රාප්ත වූ මාමණ්ඩිගේ මළගමට පැමිණි ලේලිය මරුට
Tuesday, 29 December 2020 - 9:09 | Views - 701
තම සැමියාගේ පියා හදිසියේ අභාවප‍්‍රාප්ත වූ බව සැලවී එම නිවසට පසුගිය(27) දින උදෑසන පැමිණි ලේලිය හදිසියේ අසනීපවී ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කරන විටත් මිය ගොස් ඇතැයි මහරගම පොලිසිය පැවසීය.
 
 මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ පදිංචිකාරිනියක වන වයස අවුරුදු 46ක පමණ කාන්තාවක් බව පොලිසිය පවසයි.
 
 මහරගම, නව රෝහල පාර සුචරිතෝදය මාවත පදිංචි අසූ වියේ පසුවූ මියගිය කාන්තාවගේ සැමියාගේ පියා දීර්ඝ කාලීනව පැවති රෝග තත්ත්වයකින් පෙලී ඇති බවත් හදිසියේ එම තත්ත්වය උත්සන්න වීමත් සමග (26) වන දින අලූ‍යම කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහලට ඇතුලත් කිරීමේදී පියා මියගොස් ඇති බවත් එම කනගාටුදායක ආරංචිය සැලවීමත් සමඟ පුත‍්‍රයා 27 වන දින උදෑසන බිරිඳ සමග මහරගම පිහිටි මහගෙදරට පැමිණි ඇති බවත් එම අවස්ථාවේදී මෙම සිදුවීම සිදුවී ඇති බවත් පොලිසිය පවසයි.
 
 අභාවප‍්‍රාප්තවූ පියාගේ මරණය සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණ පවත්වා එහි වාර්තාවද ලබාගෙන තිබූ අතර ඔහුට කොරෝනා වෛරසය ආසාදිතවී නොමැති බැවින් පශ්චාත් මරණ පරීක්ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබී ඇති බවද පොලිසිය පැවසීය.
 
 මහරගම පිහිටි නිවසට පුතු සමග පැමිණි මෙම කාන්තාව හදිසියේ අසනීපවී නිවසේ ඇද වැටී ඇති අතර ඒ සමඟම ඇය ශ‍්‍රී ජයවර්ධන පුර රෝහල වෙත රැගෙන යන විටත් මිය ගොස් තිබී ඇතැයි සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.එම කාන්තාව හදිස්සියේ මියයාම සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත ඇති බවද එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.
 
දිවයින
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top