ඊයේත් නව ආසාදිතයින් 549ක් - සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 41,603 දක්වා ඉහළට
Tuesday, 29 December 2020 - 9:04 | Views - 321

කොරෝනා ආසාදිතයන් 549 දෙනෙකු ඊයේ (28) වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 41,603 දක්වා ඉහළ ගියා.
ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ සහ බන්ධනාගාර ආශ්රිත කොරෝනා පොකුර 37,890 දෙනෙකු වනවා.
තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 8,188ක් පමණයි.
ඊයේ දිනයේදී තවත් ආසාදිතයින් 520 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව තිස්තුන් දහස ඉක්ම වනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 33,221 ක් ලෙසයි.
මේ අතර, කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ 03ක් ඊයේ දිනයේදී වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 194 දක්වා ඉහළ ගියා.
දර්ගා නගරයේ පදිංචි 90 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කළුතර දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබූ අතර, කොරෝනා ආසාදනය සමඟ ඇති වූ ලේ විෂවීම සහ අධි රුධිර පීඩනය හේතුවෙන් ඇති වූ හෘදයාබාධයක් ඔහුගේ මරණයට හේතුවී තිබෙනවා.
ඊයේ තවත් කොරෝනා මරණයක් වාර්තා වූයේ තෙල්දෙනිය ප්‍රදේශයෙන්.
83 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ තෙල්දෙනිය රෝහලේදීයි.
කොවිඩ් නියුමෝනියා තත්ත්වය සහ උග්‍ර වකුගඩු රෝගී තත්ත්වයක් ඔහුගේ මරණයට හේතු වී ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එසේම, දකුණු කළුතර පදිංචි 57 හැවිරිදි කාන්තාවක්ද කළුතර දිස්ත්‍රික් රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබූ අතර, ඇයගේ මරණයට හේතු වී ඇත්තේ කොරෝනා ආසාදනය සමඟ ලේ විෂවීමයි.
මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ ඊයේ (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ කොවිඩ් 19 වෛරසයට එරෙහි එන්නතක් ගෙන්වීම මෙරට පරිසරයට සහ ජනතාවට ගැලපෙන ආකාරයට සිදුකළ යුතු බවයි.
Share This Article