අලූත්ගම විවාහ මංගල්‍යයේ මනාළිය ඇතුළු 26කට කොරෝනා
Tuesday, 29 December 2020 - 9:01 | Views - 369
අලූත්ගම ප‍්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට සහභාගිවූ මනාලියක ඇතුළු පුද්ගලයන් 26 දෙනකු කොරෝනා රෝගය වැළඳී ඇති බවට පෙරේදා (27) පස්වරුවේ තහවුරුවී ඇතැයි කළුතර ප‍්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආර්. ජී. සිංහභාහු මහතා පැවැසීය.
එදින මග්ගොන ප‍්‍රදේශයේදී ඇන්ටිජන් පරීක්‍ෂණයක් සිදුකර ඇති අතර එහිදී පයාගල පොතුවිල ප‍්‍රදේශයේ පුද්ගලයකුට කොවිඞ් 19 වැළඳී ඇති බවට තහවුරුවී තිබේ. ඒ අනුව ඔහුගේ ආශ‍්‍රීතයන් පිළිබඳ විමසිමේදී ඉකුත් 16 දා අළුත්ගම උත්සව ශාලාවක පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගිවී ඇති බවට දැනගැනීමට ලැබී තිබේ.
ඒ අනුව විවාහ මංගල උත්සවයට සහභාගිවු සියලූදෙනා වෙනුවෙන්ද ඇන්ටිජන් පරීක්‍ෂණයක් සිදුකිරීමෙන් මනාලිය ඇතුළු පුද්ගලයන් 26 දෙනෙකු ආසාධිතයන් බවට හදුනාගෙන තිබේ.
හඳුනාගත් ආසාධිතයන් අතර උත්සව ශාලාවේ සේවකයන් දෙදෙනකු සිටින බැවින් උත්සව ශාලාව තාවකාලිකව වසාදැමීමට කටයුතු කළ බවත් ආසාධිතයන් අලූත්ගම දර්ගා නගරයේ ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකළ බවත් ඒ මහතා පැවසීය.
Share This Article