පළාත් සභා මැතිවරණය තවත් කල් යන ලකුණු
Tuesday, 29 December 2020 - 8:51 | Views - 324
පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ඊයේ පැවති ආණ්ඩු පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී නිශ්චිත තීරණයකට පැමිණීමට නොහැකි වූ බව අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන ප්‍රකාශ කළා.
ඒ, සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුවට සහය දක්වන පක්ෂ නායකයින් එක්ව සිටි බව අප වාර්තාකරු සඳහන් කළා.
Share This Article