පළාත් කිහිපයකට අද දිනයෙත් වැසි
Tuesday, 29 December 2020 - 7:21 | Views - 303
උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල වැසිවාර කිහිපයක් අද (29) දිනය තුල ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් අද (29) පස්වරු 1.00 න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.
Share This Article