අතුරුදන්ව සිටි මවගේ සහ කුඩා දියණියගේ සිරුරු ළිඳකින් සොයාගෙන
Tuesday, 29 December 2020 - 7:12 | Views - 8,302
වවුනියාව, පරනට්කල් ගම්මානයේ ළිඳක තිබී මවකගේ සහ කුඩා දැරියකගේ මළ සිරුරු ඊයේ (28) සොයාගෙන තිබෙනවා.
ඕමන්ත පොලිසිය පැවසුවේ පසුගිය 27 වනදා අදාල මව සහ දැරිය අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් ද ලැබුණු බවයි.
ඒ අනුව ගම්මාවාසීන් සහ පොලිසිය එක්ව සිදුකළ පරීක්ෂා කිරීමකදී වගා ළිඳක තිබී ඔවුන්ගේ සිරුරු සොයා ගැනීමට හැකිව තිබෙනවා.
මෙලෙස සොයාගෙන ඇත්තේ 42 හැවිරිදි කාන්තාවකගේ සහ ඇයගේ තුන් හැවිරිදි දියණියගේ සිරුරුයි.
අදාළ මරණයන් කෙලෙස සිදුවූවා ද යන්න සම්බන්ධනයේ පරීක්ෂණ පවත්වන අතර මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයට යොමුකළ බවයි පොලිසිය පැවසුවේ.
Share This Article