දශකයේ ක්‍රිකට් ක්‍රීඩකයා - විරාට් කෝලි
Monday, 28 December 2020 - 16:06 | Views - 468
ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය මගින් දශකයේ විශිෂ්ඨතම ක්‍රිඩකයන් අද ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර ඒ අනුව ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි සම්මාන දෙකක් හිමිකර ගත්තා.

ගෙවී යන දශකයේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානය හිමිකර ගත් කෝලි දශකයේ අයි.සී.සී. එක්දින ක්‍රීඩකයා ලෙස ද පිදුම් ලැබුවා.

විරාට් කෝලි ටෙස්ට් තරග 86 කදී ලකුණු 7240ක් ලබා ගෙන ඇත්තේ ශතක 27 ක් ද සමගින්.

එක්දින තරග 208 කදී කෝලි ශතක 39 ක් සමඟ ලකුණු 10,388 ක් රැස්කරගෙන තිබෙනවා.

විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 80 කදී කෝලි ලකුණු 2768 ක් හිමිකරගෙන ඇත්තේ අර්ධ ශතක 24 ක් ද සමගින්.

දශකයේ හොඳම පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා පිරිනැමෙන සම්මානය විරාට් කෝලි, හිමිකර ගත්තේ ඒ සඳහා නම් කෙරුණු ස්ටීවන් ස්මිත්, ඒ.බී.ඩිවිලියස්, කේන් විලියම්සන්, ජෝ රූට්, රවිචන්ද්‍රන් අශ්වින් සහ කුමාර් සංගක්කාර අභිබවමින්.

දශකයේ විශිෂ්ඨතම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා කුමාර් සංගක්කාර සහ ලසිත් මාලිංග ද නම් කර තිබූ නමුත් එම තිළිණය ද ජයග්‍රහණය කළේ විරාට් කෝලි විසින්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top