අමතර දුම්රිය ගමන්වාර කිහිපයක් අද පස්වරුවේ ධාවනයට
Monday, 28 December 2020 - 15:56 | Views - 328
අද දින ධාවනයට යොදවා තිබූ දුම්රිය ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අමතර දුම්රිය ගමන්වාර කිහිපයක් අද පස්වරුවේ ධාවනයේ යෙදවීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය නිවේදනය කළේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර දෙකක්, මුහුදු බඩ මාර්ගයේ ගමන්වාර දෙකක් සහ කැළණිවැලි මාර්ගයේ දුම්රිය වාරයක් මෙලෙස ධාවනයට යොදවා ඇති බවයි.

ඒ අනුව, ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර දෙක පස්වරු 4 ට කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල හන්දිය දක්වාත්, පස්වරු 6.10 ට පොල්ගහවෙල හන්දියේ සිට කොළඹ කොටුව දක්වාත් මන්දගාමී දුම්රියන් ලෙස ධාවනය කෙරෙනවා.

මුහුදුබඩ මාර්ගයේ මරදානේ සිට පස්වරු 4.15 ට දකුණු කළුතර දක්වාත්, පස්වරු 5.45 ට දකුණු කළුතර සිට මරදාන දක්වාත්, මන්දගාමී දුම්රියන් ලෙස ධාවනය කෙරෙනු ඇති.

මීට අමතරව, කැළණිවැලි දුම්රිය මාර්ගයේ පස්වරු 5ට කොළඹ කොටුවේ සිට පාදුක්ක දක්වා මන්දගාමී දුම්රියක් ධාවනය කෙරෙන බවයි දුම්රිය ස්ථානාධිපති සංගමය වැඩිදුරටත් නිවේදනය කළේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top