අනතුරකින් යතුරුපැදිකරු මරුට
Monday, 28 December 2020 - 15:31 | Views - 407
ආවරණය  නොකරන ලද ලොරියක තට්ටුවක් මත  තබාගෙන ගිය බර ඔසවන යන්ත්‍රයක කොටසක්  අද  අලුයම   (28) යතුරුපැදිකරුවෙකු ගේ ඇඟට වැටී   එම  යතුරුපැදිකරු  මියගිය බව බුලත්සිංහල පොලිසිය කියයි
                 
අනතුරින්  මියගොස් ඇත්තේ  බුලත්සිංහල අතුර, ගුරු ගම්මාන ප්‍රදේශයේ පදිංචිව සිටි  රංඡිත් නිසාන්ත (43) නම් පුද්ගලයෙකි.
                     
ලොරිය අගල වත්ත දෙස සිට බුලත්සිංහල දෙසට බර ඔසවන යන්ත්‍රයක කොටස පිටුපස  ලොරි තට්ටුව මත ගැටගසාගෙන ධාවනය  කරමින්  සිටියදී  බුලත්සිංහල නගරයට ආසන්න කිලෝමීටර් 37   කණුව අසල වංගු සහිත ස්ථානයේදී   ලොරියෙ තට්ටුව  මත තිබූ බර ඔසවන  යන්ත්‍රයේ කොටස  බුලත්සිංහල දෙස සිට අගල වත්ත දෙසට  යතුරු පැදිය ධාවනය කළ  මියගිය පුද්ගලයාගේ ඇඟ මතට  වැටීමෙන්  මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි
                 
අනතුරක් සිදුවීමත් සමගම  බරපතළ තුවාල ලද  යතුරුපැදිකරු  උඹලා සිංහල  රෝහලට රැගෙන යාමේදී  මියගොස් ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය
                 
මෙම අනතුර සිදුවී ඇත්තේ  ලොරි රියදුරු අනතුරුදායක  හා අපරික්ෂාකාරී ලෙස  බර ඔසවන  යන්ත්‍රයෙ කොටස  ලොරි තට්ටුව මත  තබාගෙන ධාවනය කිරීමේදී බව  සිදුකළ විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.
                 
ලොරි රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top