හැටන් - වටවල ඇඟලුම් කර්මාන්තශාලාවෙන් තවත් ආසාදිතයින් 18ක් හඳුනා ගැනේ
Monday, 28 December 2020 - 14:26 | Views - 395
කොරෝනා ආසාදිතයන් වාර්තා වූ හැටන් - වටවල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවෙන් තවත් ආසාදිතයින් 18 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව, එහි කොරෝනා වෛරසය ආසාදනය වූ මුළු සේවකයින් සංඛ්‍යාව 50 ක් වන අතර, මේ වනවිට එය වසා දමා ඇති බවයි අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේ.
එමෙන්ම, පූගොඩ - කුමාරිමුල්ල ගම්මානයේ තවත් කොරෝනා ආසාදිතයින් 34 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, එම ගම්මානයෙන් වාර්තා වී ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 70ක් දක්වා ඉහළ ගොස් ඇති බව දොම්පේ ප්‍රදේශය භාර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්.ඒ. බණ්ඩාරනායක හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළා.
Share This Article