උත්සව සමයේ සාද, නිවැසියන්ට පමණක් සීමා කරන්නැයි පොලීසියෙන් ඉල්ලීමක්
Monday, 28 December 2020 - 13:16 | Views - 542

බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11 කදී පසුගිය 18 වැනිදා සිට ආරම්භ කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.
ඒ සම්බන්ධයෙන් සහ උත්සව සමය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ජනතාවගෙන් ඉල්ලා සිටියේ උත්සව සමයේ සාද හැකිතාක් පවුලේ සාමාජිකයින්ට පමණක් සීමා කරන ලෙසයි.
එමෙන්ම, අද (28) උදෑසන 5 සිට වේල්ලවීදිය, කෙසෙල්වත්ත සහ මරදාන පොලිස් වසම්වල හුදකලාභාවය දින 50 කට පසු ඉවත් කෙරුණා.
එමෙන්ම, කොම්පඤ්ඤවීදියේ වෑකන්ද සහ හුණුපිටිය ග්‍රාමසේවා වසම, වැල්ලවත්තේ - මයුර පෙදෙස, බොරැල්ලේ - හල්ගහවත්ත සහ කාලිපුල්ලවත්ත මෙන්ම වැල්ලම්පිටියේ, ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමයද මෙලෙස හුදකලාභාවයෙන් අද ඉවත් කිරීමට පියවර ගත්තා.
ඊයේ (27) මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 674 දෙනාගෙන් 174 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
එම ආසාදිතයින්ගෙන් 26 දෙනෙකු අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, මරදාන ප්‍රදේශයෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 20ක්.
එමෙන්ම, ඊයේ දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 153 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 110 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ඒ අනුව කොරෝනා දෙවන රැල්ල වාර්තා වූ ඔක්තෝම්බර් මස 04 වැනිදා සිට මේ දක්වා ගතවූ කාලය තුළ වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 36,097 ක්.
මේ අතර, කොරෝනා ආසාදනය වී ජීවිතක්ෂයට පත්වන පුද්ගලයින්ගේ මෘතදේහ ආදාහනයට අමතරව භූමදානය කිරීමේ හැකියාවක් තිබේද යන්න මතයක් ලබාදීම සඳහා පත්කළ විශේෂඥ කමිටුවේ වාර්තාව නුදුරේදීම සෞඛ්‍ය ලේකම්වරයාට භාරදෙනු ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළා.
Share This Article