කොරෝනා වසංගතයෙන් පසු විදෙස් සංචාරකයින් දිවයිනට පැමිණීම අදින් ඇරඹේ
Monday, 28 December 2020 - 13:07 | Views - 947
කොරෝනා වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව විදේශීය සංචාරකයන් සඳහා නැවත විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතිය යටතේ පළමු ගුවන් යානය මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත අද (28) පස්වරුවේ පැමිණෙනවා.
යුක්රේනයේ සිට සංචාරකයින් 180 කට වැඩි පිරිසක් රැගත් මගී ගුවන් යානයක් මෙලෙස දිවයිනට පැමිණීමට නියමිතයි.
මේ අනුව මෙම ව්‍යාපෘතිය යටතේ සැලසුම් කළ පරිදි දිවයිනට ඉදිරියේදී සංචාරකයින් රැගත් ගුවන් යානා පැමිණෙනු ඇති.
විශේෂ ක්‍රමවේදයකට යටත්ව සංචාරකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ නියමු ව්‍යාපෘතිය සැලසුම් කර ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ.
Share This Article