උසස් කුලයේ තරුණියකට පෙම් කළ අනීෂ්ට අත් වූ අනුවේදනීය ඉරණම
Monday, 28 December 2020 - 12:56 | Views - 276

සිය බිරිඳගේ පියා සහ මාමා එක්ව තරුණයෙකු ඝාතනය කළ පුවතක් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වනවා.
27 හැවිරිදි අනීෂ් ආකා අපු නැමැති තරුණයෙක් තියුණු ආයුධවලන් පහර දී මෙලෙස ඝාතනය කර ඇත්තේ නත්තල් දිනට පසු දිනයි.
අදාල තරුණයා මාර්ගයේ ගමන් කරමින් සිටින අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර ඔහු සිය බිරිඳගේ කුලයට වඩා පහත් කුලයක අයෙක් වීම මෙම ඝාතනය සිදු කිරීමට හේතු වී ඇති බව අනාවරණය වී තිබෙනවා.
පහර කෑමට ලක්ව මාර්ගයේ වැටී සිටි අනීෂ් රෝහල් ගතකරන අවස්ථාවේ දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණේ ඝාතනය සිදුකළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි.
චිත්‍ර ශිල්පියෙකු වන අනීෂ් මීට මාස තුනකට පෙර හරිතා නමැති සිය පෙම්වතිය සමඟ විවාහ වී ඇත්තේ පෙම්වතියගේ පවුලේ සාමාජිකයන්ගේ දැඩි විරෝධය මධ්‍යයේයි.
ඔවුන් දෙදෙනා විවාහ වූ දා සිට සිය බිරිඳගේ පවුලේ සාමාජිකයින්ගෙන් විවිධ තර්ජන එල්ලවී ඇති අතර අනීෂ් ඒ සම්බන්ධනේ පොලිසියට පැමිණිල්ලක් ද කර තිබෙනවා.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් පොලිසිය වැඩි අවදානයක් දක්වා නොමැති බව සඳහන්.
ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
Share This Article