ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇළ මාර්ගයකට පෙරළෙයි
Monday, 28 December 2020 - 12:32 | Views - 266
වලපනේ සිට කොළඹ දක්වා ධාවනය වූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇළ මාර්ගයකට පෙරලීමෙන් එහි රියදුරු සහ රිය සහයකයා බරපතල තුවාල ලබා තිබෙනවා.
අද (28) උදෑසන මෙම අනතුර සිදුව ඇත්තේ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන, පිටවල ප්‍රදේශයේදීයි.
ගිනිගත්හේන පොලිසිය පැවසුවේ අනතුරෙන් බරපතල තත්ත්වයේ පසුවූ රියදුරු සහ එහි සහායක නාවලපිටිය මහ රෝහලට ඇතුළත් කර බවයි.
අධික වේගයෙන් ධාවනය වි ඇති ලොරි රථය එහි වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය පරික්ෂණ පවත්වනවා.
Share This Article