කාලගුණ විපර්යාසයෙන් 2020 වසරේ දැවැන්ත හානියක්
Monday, 28 December 2020 - 12:22 | Views - 339
ගෙවී යන 2020 වසරේ ලොව සිදුවූ විශාල ආපදා සිද්ධීන් දහයකින් හයක්ම ආසියාකරයේ සිදුව ඇති බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.
එම සිද්ධීන් සියල්ලටම ලෝක කාලගුණ විපර්යාසය බලපා ඇති බවයි ක්‍රිස්ටියන් ඒඩ් සහන සංවිධානය ප්‍රකාශ කළේ.
චීනයේ සහ ඉන්දියාවේ ජල ගැලීම් ප්‍රමුඛව ආසියාකාරයේ සිදුවූ ස්වභාවික ආපදාවලින් මේ වසරේ ඩොලර් බිලියන 40 ක පාඩුවක් සිදුව තිබෙනවා.
එමෙන්ම, චන්ඩ මාරුත, ලැව්ගිනි ආදියෙන් අමෙරිකා එක්සත් ජනපදයට සිදුව ඇති හානිය ඩොලර් බිලියන 60 කට අධිකයි.
සමස්ත ලෝකයම කොරෝනා වෛරස් ගෝලීය වසංගතයෙන් මිදීමට වෙර දරද්දී කාලගුණ ආපදාවල බලපෑමෙන් ඔවුන් තවදුරටත් දුෂ්කරතාවට පත්ව ඇති බව ක්‍රිස්ටියන් ඒඩ් පෙන්වා දෙනවා.
Share This Article