ඉන්දියාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 20,000ක්
Monday, 28 December 2020 - 11:49 | Views - 255
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයන් 20,021ක් වාර්තා වී ඇති අතර, ඒ අනුව එරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි දෙලක්ෂ 7871 දක්වා ඉහළ යනවා.
එමෙන්ම, ඊයේ සිදුවූ කොරෝනා මරණ 279 ක් සමග ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ද එක්ලක්ෂ 47,901 දක්වා ඉහළ ගියා.
ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ එරට කොරෝනා ආසාදිතයන් අනූහත්ලක්ෂ 82,000 කට වැඩි පිරිසක් මේ වනවිට සුවය ලබා ඇති අතර රෝහල් වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව දෙලක්ෂ 77,301 ක් බවයි.
Share This Article