ඔක්ස්ෆර්ඩ් එන්නත නව කොරෝනා වෛරස් ප්‍රභේදයත් මැඩ පවත්වයි
Monday, 28 December 2020 - 11:18 | Views - 782
දකුණු අප්‍රිකාව, එංගලන්තය ඇතුළු ලෝකයේ රටවල් රැසක දැන් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරස් ප්‍රභේදය මර්දනය කිරීමට ද ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත සමත් වන බව එම ඖෂධ සමාගමේ ප්‍රධානියා පවසනවා.
ඇස්ට්‍රාසෙනෙකා ප්‍රධානී පැස්කල් සෝරියට් කියා සිටියේ සිය එන්නත තරඟකාරි අනෙකුත් එන්නත් වලට සමාන සඵලතාවක් ඉදිරියේදී පෙන්නුම් කරනු ඇති බවයි.
ඔක්ස්ෆර්ඩ් එන්නතේ මූලික පරීක්ෂණවලදී අනාවරණ වූයේ එය සියයට 70 ක සඵලතාවකින් යුක්ත වන බවයි.
එහෙත්, ෆයිසර් - බයෝඑන්ටෙක් සහ මොඩර්නා එන්නත් සියයට 95 කට ආසන්න සඵලතාවක් පෙන්නුම් කළා.
ඇස්ට්‍රාසෙනෙකා ප්‍රධානියා සඳහන් කරන පරිදි පූර්ණ අධ්‍යයන වලින් පසු ඔක්ස්ෆර්ඩ් එන්නත ද ඊට සමාන සඵලතාවක් අත්කර ගනු ඇති.
එමෙන්ම, එය දරුණු කොරෝනා වෛරස් ආසාදනයට එරෙහිව සියයට සියයක රැකවරණයක් ලබාදෙන බවයි පැස්කල් සෝරියට් කියා සිටියේ.
Share This Article