කැලෑ සුනඛයින් රංචුවකට ගොඳුරු වූ සුරූපී රූපලාවණ්‍ය ශිල්පිනිය
Monday, 28 December 2020 - 10:31 | Views - 537
කැලෑ සුනඛයින් රංචුවකට ගොදුරු වී දිවි ගලවා ගත් සුරූපී තරුණියක් පිළිබද පුවතක් සයිබිරියාවෙන් වාර්තා වනවා.
20 හැවිරිදි වියේ පසු වූ ටටියානා ලොස්කුට්නිකෝවා නමැති තරුණියක් මෙලෙස සුනඛයින්යේ ප්‍රහාරයට ලක්ව ඇති අතර ඇය රූපලාවණ්‍ය ශිල්පිනියක් ලෙස කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.
ඇයගේ නිවස ආසන්නයේ දී ඇය මෙලෙස සුනඛයින්ගේ ග්‍රහණයට හසුව ඇති අතර සුනඛයින්ගේ සපාකෑමෙන් තරුණිගේ මුහුණට දැඩි ලෙස හානි වී තිබෙනවා.
අදාල තරුණිය සුනඛයින්ගේ සපාකෑම හමුවේ කෑගසා උදව් ඉල්ලා ඇති අතර ඇයගේ කෑ ගැසීම ඇසුණු අසල්වාසීන් පිරිසක් පැමිණ සුනඛයින් එලවා දමා ඇයව ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණේ.
අදාල තරුණිය මේ වනවිට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ මුහුණ, මුහුණේ අස්ථිය දක්වා සුනඛයින් විසින් ඉරා දමා ඇති බවයි වෛද්‍යවරු සඳහන් කර සිටියේ.
සපා කෑම සිදුකළ සතුන් ජලභීතිකා රෝගයට ගොදුරු වී ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා මේ වනවිට පරීක්ෂණ සිදුකෙරෙමින් පවතිනවා.
Share This Article