කැලෑ සුනඛයින් රංචුවකට ගොඳුරු වූ සුරූපී රූපලාවණ්‍ය ශිල්පිනිය
Monday, 28 December 2020 - 10:31 | Views - 538
කැලෑ සුනඛයින් රංචුවකට ගොදුරු වී දිවි ගලවා ගත් සුරූපී තරුණියක් පිළිබද පුවතක් සයිබිරියාවෙන් වාර්තා වනවා.

20 හැවිරිදි වියේ පසු වූ ටටියානා ලොස්කුට්නිකෝවා නමැති තරුණියක් මෙලෙස සුනඛයින්යේ ප්‍රහාරයට ලක්ව ඇති අතර ඇය රූපලාවණ්‍ය ශිල්පිනියක් ලෙස කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

ඇයගේ නිවස ආසන්නයේ දී ඇය මෙලෙස සුනඛයින්ගේ ග්‍රහණයට හසුව ඇති අතර සුනඛයින්ගේ සපාකෑමෙන් තරුණිගේ මුහුණට දැඩි ලෙස හානි වී තිබෙනවා.

අදාල තරුණිය සුනඛයින්ගේ සපාකෑම හමුවේ කෑගසා උදව් ඉල්ලා ඇති අතර ඇයගේ කෑ ගැසීම ඇසුණු අසල්වාසීන් පිරිසක් පැමිණ සුනඛයින් එලවා දමා ඇයව ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණේ.

අදාල තරුණිය මේ වනවිට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ මුහුණ, මුහුණේ අස්ථිය දක්වා සුනඛයින් විසින් ඉරා දමා ඇති බවයි වෛද්‍යවරු සඳහන් කර සිටියේ.

සපා කෑම සිදුකළ සතුන් ජලභීතිකා රෝගයට ගොදුරු වී ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා මේ වනවිට පරීක්ෂණ සිදුකෙරෙමින් පවතිනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top