මෙරට කොරෝනා ආසාදිතයින් 41,000 ඉක්මවයි
Monday, 28 December 2020 - 8:57 | Views - 238
කොරෝනා ආසාදිතයන් 674 දෙනෙකු ඊයේ (27) වාර්තාවීමත් සමඟ මෙරට මුළු කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 41,000 දහසේ සීමාව ඉක්ම වූවා.

එම සංඛ්‍යාව 41,054 ක් වන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුරද 37,360 දක්වා ඉහළ ගියා.

මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවද 32,701 දක්වා ඉහළ ගියේ ඊයේ (27) තවත් ආසාදිතයන් 650 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටව යාමත් සමගයි.

මේ අතර, තවත් කොරෝනා මරණ 04 ඊයේ (27) දිනයේදී වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 191 දක්වා ඉහළ ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මියගිය පිරිස අතර හෝමාගම මූලික රෝහලේදී කොවිඩ් නියුමෝනියාවෙන් ජීවිතක්ෂයට පත්වූ පිටකෝට්ටේ පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙක් වන බවයි.

රාගම පදිංචි 75 හැවිරිදි කාන්තාවක්ද මුල්ලේරියාව මූලික රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබුණේ කොවිඩ් නියුමෝනියාව සහ මොලයේ ඇති වූ ආසාදනයක් හේතුවෙන්.

එසේම, කොවිඩ් නියුමෝනියාවෙන් මුල්ලේරියාව මූලික රෝහලේදී කඩවත පදිංචි 78 හැවිරිදි කාන්තාවක්ද ජීවිතක්ෂයට පත්ව තිබුණා.

වවුනියාවේ පදිංචි 52 හැවිරිදි කාන්තාවක්ද අනුරාධපුර ශික්ෂණ රෝහලේදී මියගොස් තිබුණේ කොවිඩ් නියුමෝනියාව සමඟ ඇති වූ හෘදයාබාධයකින්.

එසේම, අනුරාධපුර ශික්ෂණ රෝහල යටතේ ක්‍රියාත්මක - අනුරාධපුර - මෙත්සිරි සෙවණ කොවිඞ් ප්‍රතිකාර ඒකකයේ ස්ථාපිත දැඩි සත්කාර ඒකකය ඇඳන් 09 කින් සමන්විත වුවද වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවිම හේතුවන් මේ වනවිට එය රෝගීන් තුන්දෙනෙකු සඳහා පමණක් සීමා වී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top