දකුණු අප්‍රිකාවේ කොරෝනා ආසාදිතයින් මිලියනය ඉක්මවයි
Monday, 28 December 2020 - 7:58 | Views - 297

දකුණු අප්‍රිකාවේ කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ මිලියනයේ සීමාව ඉක්මවා ගියා.
කොරෝනා ආසාදිතයින් මිලියනය ඉක්ම වූ අප්‍රිකානු මහද්වීපයේ ප්‍රථම රට වන්නේද දකුණු අප්‍රිකාවයි.
එරට ආසාදිත සංඛ්‍යාව මේ වනවිට දසලක්ෂ 4,413 ක් ලෙස සටහන් වන අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 26,735 ක් ලෙසයි.
සීග්‍රයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් සොයා ගැනීමෙන් දින කිහිපයකින් අනතුරුවයි දකුණු අප්‍රිකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මෙලෙස මිලියනය ඉක්මවා ගියේ.
විදෙස් වාර්තා සඳහන් කළේ සීග්‍රයෙන් ඉහළ යන ආසාදිත සංඛ්‍යාව දරා ගැනීම එරට රෝහල් පද්ධතියට ගැටළුකාරී වී ඇති බවයි.
වෛරසය තවදුරටත් ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ජනාධිපති සිරිල් රමෆෝසා විසින් නව නිරෝධායන සීමාවන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.
ෆයිව් සීරෝ වන් - වී ටූ ලෙස නම් කෙරුණු නව කොරෝනා වෛරස් ප්‍රභේදය දකුණු අප්‍රිකාවේ නැගෙනහිර කේප් ප්‍රාන්තයෙන් සහ රටේ අනෙකුත් ප්‍රදේශවලින් සොයා ගැනීමට එරට විද්‍යාඥයින් සමත් වී තිබෙනවා.
නව කොරෝනා වෛරස් ප්‍රභේදය හේතුවෙන් දකුණු අප්‍රිකාවෙන් පැමිණෙන ගුවන් ගමන් නතර කිරීමටද බ්‍රිතාන්‍ය පියවර ගත්තා.
දකුණු අප්‍රිකාවෙන් පැමිණි කොරෝනා වෛරස් ප්‍රභේදයට අමතරව එන් ෆයිව් සීරෝ වන් වයි නැමැති තවත් කොරෝනා වෛරස් ප්‍රභේදයක් බ්‍රිතාන්‍යයෙන් සොයාගෙන තිබෙනවා.
නව වෛරස් ප්‍රභේද දෙකම මිනිස් සිරුරේ සෛලවලට ආසාදනයවීමේ ඉහළ හැකියාවක් පැවතීම විශේෂත්වයක්.
මේ අතර, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ද තම රටේ නිෂ්පාදිත ස්පුට්නික් ෆයිව් කොරෝනා වෛරස් එන්නත ලබාගැනීමට තීරණය කර තිබෙනවා.
රුසියාව මේ වනවිටත් ස්වෙච්ඡා කොරෝනා වෛරස් එන්නත්කරණ වැඩසටහනක් දියත් කර ඇති අතර, ඒ යටතේ මොස්කව් නුවර වඩාත් අවදානම් සහිත කණ්ඩායම්වලට ස්පුට්නික් ෆයිව් එන්නත ලබාදෙනු ඇති.
68 හැවිරිදි රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ස්පුට්නික් එන්නත අතිශය ක්‍රියාකාරී සහ ආරක්ෂිත වන අතර, එය ලබාගැනීමට කිසිවෙකු මැලි නොවිය යුතු බවයි.
Share This Article