ප්රවීණ ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ මීගමුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බව වාර්තා වනවා.
ඔහුට ඉක්මන් සුව පතමින් සහෝදර කලාකරුවන් බොහෝ පිරිසක් සංවේදී සටහන් එකතු කර තිබුණා.
ෂෙල්ටන් මුතුනමගේ, මේ දෙව් මැදුරේ, අවන්හලක ඉපදී මා, මහ සයුරේ ගැඹුරු දියේ, වාරු නැගෙන් සිත වැනි අතිශය ජනප්රිය ගීත රැසකම හිමිකරුවෙක්.
ප්රවීණ ගී පද රචක ආනන්ද පද්මසිරි මහතා ෂෙල්ටන් මුතුනමගේ ගැන පළ කර තිබූ සංවේදී සටහන පහතින්...
මීගමුවේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන ෂෙල්ටන් මුතුනමගේ ගායක මිතුරාට ඉක්මන් සුව ලැබේවා..! දෙවි පිහිටයි..!!!
හොල්ලාගෙන හිටියෙ මීගමුවේ අවට
අල්ලා අතින් අත සැරිසැරුවා එකට
දල්වා හද පහන් පතනෙමි සුව ඔබට
ෂෙල්ටා නැගිටපන්....!!! ලැබගෙන දෙවිපිහිට