මැතිවරණ උණුසුම මැද මහමඟ වෙඩි කෑ SF ලොක්කා සමඟ, මෝටර් රථයේ සිටි අනියම් පෙම්වතිය, මුල්වරට කළ හෙළිදරව්ව මෙන්න
"අපි ජිම් එකේ ඉඳලා එද්දි දහයියාගම දුම්රිය හරස් මාර්ගය අසළදී වෙඩි ශබ්දයක් ඇසුණා. ඒ සමඟම එස් එෆ් ලොකුගේ බෙල්ල පැත්තකට කඩා වැටුණා. වෙඩි තැබීම සිදු කළේ කවුද කියා මම දැක්කේ නෑ. අපි ගමන් කළ මෝටර් රථය පිටුපස කවුරුන් හෝ ලුහුබඳිනවා මම දුටුවේ නෑ. මේ වෙලාවේ මම හිටියේ මෝටර් රථයේ පිටුපස අසුනේ. ඔහු මගේ පෙම්වතා..."
අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජනක ප්‍රසන්න සමරසිංහ මහතා ඉදිරියේ සාක්ෂි දෙමින් සාක්ෂිකාරිය මේ බව පැවසුවේ, ඉරෝන් රණසිංහ නොහොත් එස් එෆ් ලොක්කා යන අයගේ මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂි ලබා දෙමින්.
අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්. රම්. යසරත්න හා සැරයන් නීල් යන නිලධාරින් සාක්ෂි මෙහෙයවනු ලැබුවා.
එහිදි වැඩිදුරටත් සාක්ෂි දුන් සාක්ෂිකාරිය,
"එස්. එෆ් සහ මා අතර කලක සිට ප්‍රේම සම්බන්ධයක් තිබුණා. අපි ජිම් එකට ගිහිල්ලා එද්දි දහයියාගම දුම්රිය හරස්මාර්ගය අසළදී එක්වරම වෙඩි ශබ්දයක් ඇසුණා. ඒ වෙඩි ශබ්දය ඇසෙනවාත් සමඟම එස්.එෆ් ගේ බෙල්ල පැත්තකට කඩා වැටුණා. මම දැනගත්තා, එයාට වෙඩි වැදුනා කියලා. පසුව අවට සිටි අයගේ සහය ඇතුව ඔහු මෝටර් රථයෙන් එළියට ගෙන ත්‍රීරෝද රථයකින් අනුරාධපුර රෝහලට රැගෙන ගියා. ඔහු මියගොස් සිටි බවට දැනගත්තේ රෝහලේදී.."
"ජිම් එකේ ඉඳලා ගෙදරට එමින් සිටියදී අපේ මෝටර් රථය කිසිවෙකු හෝ ලුහුබඳිනවා මම දැක්කේ නෑ. වෙඩි තිබ්බේ කවුද කියලා මම දැක්කේ නෑ. වෙඩි තබන විට මම සිටියේ මෝටර් රථයේ පිටුපස අසුනේ.."
හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ඉරෝන් රණසිංහ හෙවත් එස් එෆ් ලොක්කා නැමැත්තා නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්වූයේ ඉකුත් අගෝස්තු මස 05 වැනිදා යි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහනාම මහතාගේ උපදෙස් මත එහි අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.
අනුරාධපුර අධිකරණ උපාලි ආනන්ද
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "ලංකාදීප" පුවත්පතෙන්..