සිහිසුන්ව කොස් ගසේ සිටි තරුණයාගේ දිවි බේරාගනී
Friday, 25 December 2020 - 16:58 | Views - 273
බදුල්ල, තෙල්බැද්ද වත්ත ප්‍රදේශයේ  අඩි 45 ක් පමණ උසැති කොස්ගසකට නැඟ සිහිසුන්ව සිටි තරුණයෙක්  දැඩි පරිශ්‍රමයකින් යුතුව පැය 2ක මෙහෙයුමකින් පසු පහළට ගැනීමේ පුවතක් ඊයේ (25) බදුල්ලෙන් වාර්තා විය.

ගසින් බැස්සවූ තරුණයා අනතුරුව සුවසැරිය ගිලන් රියකින් බදුල්ල මහරෝහලට යැවූ බව බදුල්ල පොලිසිය  පැවසීය.

27 හැවිරිදි මෙම තරුණයා කොස් ගසක  අතු කපමින්  සිටියදී වාරුනැතිව වැනෙන අයුරු දුටු කීපදෙනෙක් ගසට නැග කඹයකින් ඔහු ගසට තබා බැඳ පොලිසියට දැනුම් දී තිබේ.

පොලිසිය තරුණයා බිමට ගැනීම සදහා ආයතන කීපයකට කතා කර සහාය ඉල්ලා සිටියත්  පළක්  නොවූ තැන අසල්වැසි තරුණයන් ගසට නංවා කඹයක ආධාරයෙන් සිහිසුන්ව සිටි තරුණයා  පහතට ගෙන දිවි ගලවාගෙන  තිබේ.

ලංකාදීප
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top