සර්ව ආගමික කමිටුවක් පත් කරන්නැයි බෞද්ධ උපදේශක කාරක සභාවෙන් ඉල්ලීමක්
Friday, 25 December 2020 - 13:59 | Views - 393
බෞද්ධ අනන්‍යතාවට මුල් තැන දෙමින් ආගමික සහජීවනය ඉදිරියට ගෙන යාම සඳහා සියළු ආගමික නායකයින්ගෙන් සැදුම් ලත් කමිටුවක අවශ්‍යතාව බෞද්ධ උපදේශක කාරක සභාව පෙන්වා දී තිබෙනවා.
ඒ, ජනාධිපති කාර්යාලයේදී ඊයේ 7 වන වරටත් එම උපදේශක කාරක සභාව රැස්වූ අවස්ථාවේදියි.
බාධක සහ අභියෝග මැද ගෙවී ගිය වසර තුළ ජාතික ප්‍රතිපත්ති රැසකට ශක්තිමත් අඩිතාලමක් දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමත්ව ඇති බව මෙම රැස්වීමේදී බෞද්ධ උපදේශක සභාව ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්, ජාතික උරුමයන් සුරැකෙන වැඩපිළිවෙලක් සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතුළු කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මෙරට ගමන් මඟ වෙනස් කරන වැඩපිළිවෙලක් දියත් කර තිබීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට බෞද්ධ උපදේශක කාරක සභාව ප්‍රසාදය පළ කර තිබෙනවා.
එමෙන්ම සංඝරත්නය අපේක්ෂා කළ බෞද්ධ අනන්‍යතාවට මුල් තැන දෙමින් ආගමික සහජීවනයට සමාජ පරිසරය සැකසීම ගත වූ කාලය තුළ ජනතාව ලැබූ ජයග්‍රහණයක් බවයි එම උපදේශක කාරක සභාව එහිදී පෙන්වා දී ඇත්තේ.
Share This Article