රුසියානු සංචාරකයින් රැගත් ගුවන් ගමන් අවලංගු කෙරේ
Friday, 25 December 2020 - 13:24 | Views - 522
මොස්කව් නුවර සිට රුසියානු සංචාරකයින් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ තම ගුවන් සමාගමට අයත් යානා ලබන 31 වන දා දක්වා අවලංගු කර ඇති බව රුසියාවේ ප්‍රධාන ගුවන් සමාගම වන එරෝෆ්ලොට් ගුවන් සමාගම මෙරටට දැනුම් දී තිබෙනවා.

ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජිව් සූරියආරච්චි සඳහන් කළේ සංචාරකයින් 300කට ආසන්න පිරිසක් රැගෙන එම ගුවන් සමාගමට අයත් පළමු යානය අනිද්දා අලුයම කටුනායක - බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත ළඟාවීමට නියමිතව තිබූ බවයි.

කෙසේ වෙතත්, යුක්රේනයේ සහ කසකස්ථානයේ සිට සංචාරකයින් රැගත් යානා නියමිත පරිදි මෙරටට පැමිණෙන බව උප සභාපතිවරයා කියා සිටියා.

කොරෝනා වසංගතය වසංගත තත්ත්වය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය නංවාලීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාවට නැංවීමටයි රජය තීරණය කර ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top