ඊයේ වැඩිම කොරෝනා ආසාදිතයින් වැල්ලවත්තෙන්
Friday, 25 December 2020 - 13:16 | Views - 396
ඊයේ වාර්තාවූ කොරෝනා ආසාදිතයන් 592 ගෙන් 245 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙනවා.

ඒ අතරින් වැඩිම ආසාදිත සංඛ්‍යාවක් හමුවී ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයෙන් වන අතර, එම සංඛ්‍යාව 48 ක්.

වැල්ලවත්ත - ශ්‍රී විජයපාර වත්තේ ඊයේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 100 කින් ආසාදිතයන් විසි දෙනෙකු හඳුනාගෙන ඇති බව වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා.

වැල්ලම්පිටිය ප්‍රදේශයෙන්ද ඊයේ ආසාදිතයන් 42 කු සොයාගෙන තිබෙනවා.

කොල්ලුපිටිය ප්‍රදේශයෙන් ආසාදිතයන් 17 දෙනෙකු, ග්‍රෑන්ඞ්පාස් ප්‍රදේශයෙන් ආසාදිතයන් 15 දෙනෙකු, මට්ටක්කුලියෙන් සහ කිරුලපන ප්‍රදේශවලින් ආසාදිතයන් 13 දෙනෙකු බැගින් ඊයේ අලුතින් හඳුනාගෙන තිබෙනවා.

අවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල යන ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තාවීමත් සමඟ එම පොලිස් බල ප්‍රදේශ ඊයේ සිට හුදකලා කෙරුණා.

ඒ හේතුවෙන් කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වන සියළුම පෞද්ගලික බස් රථ කළුඅග්ගල දක්වා පමණක් ධාවනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ හඳුනාගෙන ඇති නව ආසාදිතයන් සංඛ්‍යාව 140 ක්.

කළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා දැඩි අවදානමක් පවතින බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් අටළුගම ප්‍රදේශයෙන් වාර්තාවන මුළු ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 981 ක් ලෙසයි දැක්වෙන්නේ.

බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයන් ඉලක්ක කර සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් මේ දක්වා ආසාදිතයන් 23 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ මේ වනවිට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් පරීක්ෂණ ක්‍රියාත්මක කිරීම සඳහා නිකුත් කර ඇති බවයි.

බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයන් ඉලක්ක කර ස්ථාන 11 කදී අද දිනයේත් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරනු ලබනවා.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් ගතවූ දින 10 ක කාලය තුළ ආසාදිතයන් 223 දෙනෙකු හමුවී ඇති බව දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම ප්‍රකාශ කළා.

ඇය කියා සිටියේ ඉන් 83 දෙනෙකු ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙනුත්, කුරුවිටින්  50 දෙනෙකු, රත්නපුරින් 45 දෙනෙකු, ගොඩකවෙලින් 11 දෙනෙකු වාර්තාවී ඇති බවයි.

එමෙන්ම පැල්මඩුල්ලෙන් අටදෙනෙකු, ඇලපාතින් 9 දෙනෙකු, ඇඹිලිපිටියෙන් හයදෙනෙකු, කහවත්තෙන් පස්දෙනෙකු, කිරිඇල්ලෙන් හතරදෙනෙකු සහ අයගම හා නිවිතිගල කොට්ඨාසවලින් එක් ආසාදිතයෙකු බැගින්ද හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව දිස්ත්‍රික්කයේ මේ දක්වා වාර්තාවන සමස්ත ආසාදිත සංඛ්‍යාව 744 ක් වන අතර, ඉන් 455 දෙනෙකු මේ වනවිට සුවය ලබා ඇති බවයි වාර්තාවන්නේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇහැලියගොඩ සහ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, අවදානම් කලාප ලෙස දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව විසින් නම් කර ඇති බව ඇය කියා සිටියා.

මේ අතර කොරෝනා ආසාදිත බවට පසුගියදා හඳුනාගත් ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ආශ්‍රිතයෙකු වූ හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා ඊයේ කොරෝනා ආසාදිත බවට හඳුනාගැනුනු අතර, ඔහු සහභාගිවූ උපන් දින සාදයකට එක්ව සිටි කිහිපදෙනෙකු ද ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා.

ඒ අතර හැටන් - දික්ඔය නගර සභාවේ ලේකම්වරයා, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරු අටදෙනෙකු සහ මධ්‍යම පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුද වනවා.

දිවයිනට පැමිණීමට නොහැකිව විදේශ රටවල රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 579 දෙනෙකු ගුවන් යානා 6කින් දිවයිනට පැමිණියා.

ඩුබායි රාජ්‍යයේ සිට 390 දෙනෙකු, ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න් සිට 120 දෙනෙකු, සිඞ්නි සිට 69 දෙනෙකු මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණි පිරිසට ඇතුළත්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top