මට්ටක්කුලියේ කොරෝනා දේහය හොර රහසේ මුදා හැර ඇති බවට චෝදනා
Friday, 25 December 2020 - 13:00 | Views - 500
කොරෝනා ආසාදනය වී මිය ගිය මට්ටක්කුලිය ප්‍රදේශයේ කාන්තාවගේ දේහයක් කොළඹ අධිකරණ වෛද්‍යවරයා විසින් හොර රහසේ මුදා හැර ඇති බවට සිංහලේ අපි ජාතික සංවිධානය චෝදනා කරනවා.
කෑගල්ල ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් මේ බව සඳහන් කළා.
මේ අතර, හුදෙකලා කර ඇති කළුතර - වෙට්ටුමකඩ ප්‍රදේශයේ ජනතාව විසින් කොරෝනා ආසාදනය වී මිය යන දේහයන් ආදාහනය කිරීමට විරෝධය පළ කරමින් අද දින සුදු කොඩි ප්‍රදර්ශනය කර ඇති බව හිරු වාර්තාකරු සඳහන් කළා.
Share This Article