බද්දේගම සමිත හිමි ක්‍රිස්තු දේවස්ථානයට වැඩම කරයි
Friday, 25 December 2020 - 11:55 | Views - 390
සකල ලෝකයටම සාමය රැගෙන ආ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත මෙවර සැමරීම ලෝකවාසී ජනතාව සිදුකළේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්වයි.
කිතුණු දහමට අනුව දෙවියන් වහන්සේගේ එකම පුතුණුවන්, සකල ලෝකවාසීන් පාපයෙන් ගලවා ගැනීම පිණිස මෙලොව උපත ලැබීම නත්තල ලෙස සැලකෙනවා.
අසිරිමත් නත්තල යෙදෙන අද දිනයේ තම ප්‍රදේශයේ පිහිටි කිතුනු දේවස්ථානයට වැඩම කළ බද්දේගම සමිත හිමියන් විසින් එහි පැමිණෙන කිතුනු බැතිමතුන්ට මුව ආවරණ බෙදා දී තිබෙනවා.
ඒ බද්දේගම ක්‍රිස්තු දේවස්ථානයේදීයි.
එම අවස්ථාව පහතින්.
Share This Article