රිය අනතුරුවලින් 6 දෙනෙකු මරුට
Friday, 25 December 2020 - 11:11 | Views - 455
ගතවු පැය 24 තුල සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
වැල්ලවාය - තණමල්විල මාර්ගයේ ගාල්ල වංගුව, ඇඹිලිපිටිය - නෝනගම මාර්ගයේ 42 මංසන්ධිය, අනුරාධපුර - රඹෑව, දඹුල්ල - කුරුණැගල මාර්ගයේ නැකත්ත මංසන්ධිය, කිලිනොචිචිය - වට්ටකච්චි මාර්ගයේ වට්ටකච්චිය ප්රදේශය සහ දඹුල්ල - කුරුණැගල මාර්ගයේ ගලේවල - කළුපාලම අසළ මෙම අනතුරු සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
Share This Article