කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා වන පෞද්ගලික බස් රථ කළුඅග්ගල දක්වා පමණයි
Friday, 25 December 2020 - 11:06 | Views - 640
කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වන සියළුම පෞද්ගලික බස් රථ කළුඅග්ගල දක්වා පමණක් ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව පොලීසිය ප්රකාශ කළා.
අවිස්සාවේල්ල සහ කොස්ගම පොලිස් බල ප්රදේශ ඊයේ සිට හුදෙකලා කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
ඒ අනුව මාර්ග අංක 122 හයිලෙවල් මාර්ගය හරහා පිටකොටුව හා මහරගම සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වන බස් රථ මෙන්ම ලෝලෙවල් මාර්ගයෙන් පිටකොටුවේ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වන සියළුම බස් රථ කළුඅග්ගල බස් නැවතුම්පොළ දක්වා පමණක් ධාවනය වනු ඇති.
පාදුක්ක සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වන බස් රථවල ගමනාන්තය ද කළුඅග්ගල බස් නැවතුම්පොළ දක්වා සීමා වන බව පොලීසිය කියා සිටියා.
Share This Article