විදේශීය එන්නත් 4ක් මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් නිර්දේශ
Friday, 25 December 2020 - 10:07 | Views - 368
ලෝකයේ රටවල් කිහිපයක නිෂ්පාදිත කොරෝනා වෛරසයට එරෙහි එන්නත් 4ක් පිළිබද වෛද්‍ය පර්යේෂණ සභාවේ නිර්දේශ ලබාදී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ තවත් පාර්ශව කිහිපයක් එක්ව සාකච්ඡා පවත්වා කුමන එන්නත මෙරටට රැගෙන එන්නේ ද යන්න පිළිබදව කඩිනමින් අවසන් නිගමනයකට පැමිණෙන බවයි වෛද්‍ය පර්යේෂණ සභාව සදහන් කළේ.
බොහෝදුරට නිර්දේශ ලැබී ඇති එන්නත් 4ම මෙරටට ගෙන්වීමට අපේක්ෂා කරන බව එම සභාවේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා.
මේ අතර, අවදානයට යොමුව ඇති එන්නත් 4රෙහි පවතින බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරටට ගෙන්වීම කෙරෙහි වැඩි අවදානයක් යොමුව ඇති බවයි වෛද්‍ය පර්යේෂණ සභාව සදහන් කළේ.
අදාළ එන්නත සාමාන්‍ය ශීතකරණයක පවතින උෂ්ණත්වය යටතේ තබා ගත හැකි වනවා.
මීට අමතරව මෙරටට ගෙන්වීම කෙරෙහි අවදානය යොමුව ඇති අනෙකුත් එන්නත් වන්නේ මොඩානා, ෆයිසර් බයොටෙක් සහ ස්පුට්නික් - 5 එන්නත්.
Share This Article