වනාතවිල්ලුවේ පක්ෂීන් මිය යාම ගැන පරීක්ෂණ
Friday, 25 December 2020 - 8:59 | Views - 291
වනාතවිල්ලුව - එළුවන්කුලම - රාල්මඩුව වෙල්යායේ පක්ෂීන් 150කට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඊයේ ලද තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂාවකදී මෙලෙස පක්ෂීන් මිය ගොස් සිටි ආකාරය නිරීක්ෂණය කර තිබුණා.
පක්ෂීන් මියයෑමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ප්‍රදේශයේ ගොවී ජනතාව පවසන්නේ වගාවන්ට ඉසින ලද කෘමි නාශක වර්ගයක් විෂවීමෙන් මොවුන් මිය යන්නට ඇති බවට සැක පළ කරන බවයි.
වී කුරුල්ලන් ඇතුළු පක්ෂීන් වර්ග කිහිපයක් මෙලෙස මිය ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
Share This Article