ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
Friday, 25 December 2020 - 8:53 | Views - 310
උතුර, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලට සිහින් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එමෙන්ම, සබරගමුව පළාතටත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් පස්වරු 1න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
මේ අතර, මන්නාරම සිට කන්කසන්තුරේ සහ ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි ඇති විය හැකි අතර, කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල ද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
එමෙන්ම, කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ ද රළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Share This Article