මෙරට කොරෝනා ආසාදිතයින් සමස්තය 40,000ට ආසන්න වෙයි
Friday, 25 December 2020 - 8:41 | Views - 320
ඊයේ දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයන් 592 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 39,231 දක්වා ඉහළ ගියා.

ඉන් 570 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් වන අතර තවත් 18 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අනුව දිවුලපිටිය, පෑලියගොඩ සහ බන්ධනාගාර ආශ්‍රිත කොවිඞ් පොකුර 35,548 දක්වා ඉහළ යනවා.

එමෙන්ම, විදේශ රටවල සිට පැමිණි 4 දෙනෙකු ද ඊයේ කොරෝනා ආසාදිතයින් බවට තහවුරු කර ගැණුනා.

ඔවුන්ගෙන් 4 දෙනෙකු එක්සත් රාජධානියේ සිට පැමිණ ඇති අතර, අනෙක් පුද්ගලයා පැමිණ ඇත්තේ ඉරානයේ සිටයි.

ඒ අනුව ආසාදිතයින් 8478ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 30,568ක්.

මේ අතර, බස්නාහිර පළාතෙන් පිටවීමේදී මාර්ග 11ක රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකරන අතර, බෙන්තොට පාලම අසළ ඊයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී පාසල් සිසුවෙකු කොරෝනා ආසාදිත බවට තහවුරු වුණා.

සිසුවාගේ පියා කළුතර දකුණ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන බැවින් එම පොලිස් ස්ථානයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී තවත් හතරදෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබුණා.

ඒ අනුව තවත් 19 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇති අතර, 68 දෙනෙකුට ඇන්ටිජන් පරීක්ෂාව ද සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත්, ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ මගින් අහඹු පරීක්ෂණ සිදුකිරීමේදී එම වාර්තාවල නිවැරදිතාවය ආරක්ෂා කිරීම සඳහා බාහිර තත්ත්ව පාලන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතු බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය ප්‍රකාශ කළා.

මේ අතර, කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ පවතින සියලු වැඩිහිටි නිවාස සදහා පිටතින් පැමිණෙන පුද්ගලයින් ඇතුළු කර නොගන්නා ලෙස දැනුම් දී ඇති බව එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජෙමුණි සදහන් කළා.

මේ අතර, තවත් කොරෝනා මරණයක් මෙරටින් වාර්තා  වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 185 දක්වා ඉහළ ගියා.

අගලවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 60ක් වයසැති පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇත්තේ පසුගිය 20 වන දා පිඹුර මූලික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීමයි.

කොරෝනා ආසාදනයත් සමඟ ලේ විෂවීම මෙම මරණයට හේතු වී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top