යුක්රේනයෙන් ගෙන්වූ කසල බහලුම් 28ක් රේගු භාරයට
Friday, 25 December 2020 - 8:12 | Views - 381
යුක්රේනයේ සිට මෙරටට ගෙන්වූ කසල අඩංගු බහලුම් 28ක් ශ්‍රී ලංකා රේගුව සිය භාරයට ගෙන තිබෙනවා.

මූලික පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ කොත්තමල්ලි ආනයනය කරන මුවාවෙන් මේවා මෙරටට ගෙන්වා ඇති බවයි.

මෙම බහලුම් 28න් 8ක් පසුගිය 10 වනදාත් අනෙක් 20 පසුගිය 21 වනදාත් මෙරටට ගෙන්වා තිබෙනවා.

කෘෂිකාර්මික නිෂ්පාදනවල තත්ත්වය තහවුරු කරන යුක්රේනයේ පිහිටි ප්‍රධාන පෙළේ ආයතනයක් මෙම බහලුම් 28 සඳහා සහතිකයක් ද නිකුත් කර ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම බහලුම්වලින් 4ක් පරීක්ෂා කළ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් ප්‍රකාශ කළේ අදාළ අපද්‍රව්‍ය එම රටටම යළි ප්‍රතිඅපනයනය කළ යුතු බවටයි.

මේවායෙන් 24ක් කොළඹ වරාය පරිශ්‍රයේ පවතින අතර, ඉතිරි 4 ශ්‍රී ලංකා රේගුවේ බහාලුම් පරීක්ෂා කිරීමේ අංගනයේ තැන්පත් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළ රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න කියා සිටියේ අදාළ කන්ටේනර් ප්‍රමාණය කඩිනමින් අදාළ රටට ප්‍රතිඅපනයනය කිරීමට කටයුතු කරන බවයි.

මේ අතර, මීට පෙර එංගලන්තයෙන් මෙරටට සායනික අපද්‍රව්‍ය ඇතුළත් කසල බහලුම් 242ක් ගෙනවිත් තිබූ අතර ඒවායෙන් 120ක් මේ වන විටත් එංගලන්තයට ප්‍රතිඅපනයනය කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top