මහර බන්ධනාගාර සිද්ධිය ගැන පරීක්ෂණ වාර්තාව, සතියකින් අධිකරණයට
Friday, 25 December 2020 - 7:56 | Views - 341
මහර බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් සතියක් තුළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ රැඳවියන්ගේ ඥාතීන් පිරිසක් සාධාරණ පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා මාධ්‍ය හමුවක් පැවැත්වීම පිළිබදව අප කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරය තුළ හා ඉන් පිටත 150කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.
එමෙන්ම, මිය ගිය රැදවියන් 11 දෙනාගෙන් තුන්දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ ද ඉදිරි දින කිහිපය තුළ අවසන් කරන බව ඔහු සඳහන් කළා.
පසුගිය 29 වන දා මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය රැදවියන් 8 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ වෙඩි වැදීමෙන් මොවුන් ජීවිතක්ෂයට පතව ඇති බවටයි.
Share This Article