මුහුණු පොතෙන් හඳුනා ගත් සිසුවිය ගැබිනියක කළ සැකකරු දැලේ
Friday, 25 December 2020 - 6:44 | Views - 438
මුහුණු පොත හරහා මිතුරු වී පේ‍්‍රම සබඳතාවක් ඇති කරගත් 15 හැවිරිදි පාසල් සිසුවියක් නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කොට ස්තී‍්‍ර දුෂණයක් සිදු කර මඟහැර සිටි සැකකරු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එච්. ජනකාන්ත මහතා ඊයේ (24) පැවසීය.
 
 අගතියට පත් පාසල් සිසුවිය මේ වනවිට මාස 3 ක ගැබිනියක් බව හෙළි වී ඇතැයි පොලිසිය කියයි.
 
 කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පාසල් නිවාඩු දී තිබීම නිසා අන්තර්ජාලය හරහා අධ්‍යාපනය ලැබීමට ඇගේ පියා මීට මාස 4 කට පමණ උඩදී ඇයට ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක් අරන් දී තිබේ.
 
 ඒ හරහා ඔන්ලයින් ක‍්‍රමයට ඉගෙන ගන්නා අතරතුරදී මුහුණු පොතෙහි පිටුවක් අරඹා මිතුරන් හඳුනාගෙන ඇති අතර, එසේ හඳුනාගත් මිතුරකු සමග ඉතා කෙටි කාලයකදී ඇය පේ‍්‍රම සම්බන්ධතාවක් ගොඩනඟාගෙන ඇතැයි හෙළි වූ බව පොලිසිය පවසයි.
 
 එලෙස හඳුනාගත් පෙම්වතා පාසල් සිසුවිය තනිව හමුවීමට අවශ්‍ය බව අවස්ථා කීපයකදී පැවසුවත් ඊට අවස්ථාවක් ලැබී නැත. පසුගිය අගෝස්තු 01 වැනිදා සිසුවිය මහරගම නගරයේ උපකාරක පන්තියකට සහභාගි වීම සඳහා පැමිණ තිබේ.
 
 එහෙත් එදින උපකාරක පන්තියට නිවාඩු දී ඇති අතර, ඒ බව පෙම්වතාට දැන්වීමත් සමග ඔහුගේ ඉල්ලීම පරිදි දෙදෙනා මුණගැසී තිබේ.
 
 පසුව පෙම්වතා ඇයව උස්වැටකෙයියාව ප‍්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් ඇත. ඔවුන් දෙදෙනා එම නිවසේ දින තුනක් පමණ රැඳී සිට ඇති අතර, එහිදී පෙම්වතා විසින් සිසුවියව දූෂණයට ලක්කර ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි.
 
 මේ අතරතුර සිසුවියගේ මාපියන් තම දියණිය අතුරුදන් වී ඇති බව සඳහන් කරමින් පැමිණිල්ලක් කර තිබිණි. දින කීපයකට පසු සැකකරු පාසල් සිසුවිය සමග ඇගේ නිවසට පැමිණ තිබේ. එහිදී සිසුවියගේ මාපියන් දෙදෙනාම දැක්වූ විරෝධය හේතුවෙන් නැවත සිසුවිය ද සමග සැකකරු හැඳල, පමුණුව ප‍්‍රදේශයේ නිවසකට ගොස් ඇත.
 
 එහි රැඳී සිටින අතරතුරදී සිසුවිය ගැබිනියක බව දැනගැනීමෙන් පසුව දෙදෙනා අතර බහින්බස්වීම් නිතර ඇති වී තිබේ. අවස්ථා කීපයකදී සැකකරු විසින් සිසුවියට පහරදීම් ද සිදුකර ඇති බවත්, එය ඉවසාගත නොහැකිව සිසුවිය නැවත නිවසට පැමිණ පසුව දෙමාපියන් සමග පොලිසියට පැමිණ පැමිණිලි කර තිබෙන බවත් හෙළි වී ඇත.
 
 පසුව සිද්ධියෙන් මඟහැර සිටි සැකකරු අත්අඩංගුවට ගෙන නුගේගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇත.
 
 මහරගම පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එච්. ජනකාන්ත මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top