මුහුණු පොතෙන් හඳුනා ගත් සිසුවිය ගැබිනියක කළ සැකකරු දැලේ
Friday, 25 December 2020 - 6:44 | Views - 439

මුහුණු පොත හරහා මිතුරු වී පේ‍්‍රම සබඳතාවක් ඇති කරගත් 15 හැවිරිදි පාසල් සිසුවියක් නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කොට ස්තී‍්‍ර දුෂණයක් සිදු කර මඟහැර සිටි සැකකරු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එච්. ජනකාන්ත මහතා ඊයේ (24) පැවසීය.
අගතියට පත් පාසල් සිසුවිය මේ වනවිට මාස 3 ක ගැබිනියක් බව හෙළි වී ඇතැයි පොලිසිය කියයි.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පාසල් නිවාඩු දී තිබීම නිසා අන්තර්ජාලය හරහා අධ්‍යාපනය ලැබීමට ඇගේ පියා මීට මාස 4 කට පමණ උඩදී ඇයට ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක් අරන් දී තිබේ.
ඒ හරහා ඔන්ලයින් ක්‍රමයට ඉගෙන ගන්නා අතරතුරදී මුහුණු පොතෙහි පිටුවක් අරඹා මිතුරන් හඳුනාගෙන ඇති අතර, එසේ හඳුනාගත් මිතුරකු සමග ඉතා කෙටි කාලයකදී ඇය පේ‍්‍රම සම්බන්ධතාවක් ගොඩනඟාගෙන ඇතැයි හෙළි වූ බව පොලිසිය පවසයි.
එලෙස හඳුනාගත් පෙම්වතා පාසල් සිසුවිය තනිව හමුවීමට අවශ්‍ය බව අවස්ථා කීපයකදී පැවසුවත් ඊට අවස්ථාවක් ලැබී නැත. පසුගිය අගෝස්තු 01 වැනිදා සිසුවිය මහරගම නගරයේ උපකාරක පන්තියකට සහභාගි වීම සඳහා පැමිණ තිබේ.
එහෙත් එදින උපකාරක පන්තියට නිවාඩු දී ඇති අතර, ඒ බව පෙම්වතාට දැන්වීමත් සමග ඔහුගේ ඉල්ලීම පරිදි දෙදෙනා මුණගැසී තිබේ.
පසුව පෙම්වතා ඇයව උස්වැටකෙයියාව ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් ඇත. ඔවුන් දෙදෙනා එම නිවසේ දින තුනක් පමණ රැඳී සිට ඇති අතර, එහිදී පෙම්වතා විසින් සිසුවියව දූෂණයට ලක්කර ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි.
මේ අතරතුර සිසුවියගේ මාපියන් තම දියණිය අතුරුදන් වී ඇති බව සඳහන් කරමින් පැමිණිල්ලක් කර තිබිණි. දින කීපයකට පසු සැකකරු පාසල් සිසුවිය සමග ඇගේ නිවසට පැමිණ තිබේ. එහිදී සිසුවියගේ මාපියන් දෙදෙනාම දැක්වූ විරෝධය හේතුවෙන් නැවත සිසුවිය ද සමග සැකකරු හැඳල, පමුණුව ප්‍රදේශයේ නිවසකට ගොස් ඇත.
එහි රැඳී සිටින අතරතුරදී සිසුවිය ගැබිනියක බව දැනගැනීමෙන් පසුව දෙදෙනා අතර බහින්බස්වීම් නිතර ඇති වී තිබේ. අවස්ථා කීපයකදී සැකකරු විසින් සිසුවියට පහරදීම් ද සිදුකර ඇති බවත්, එය ඉවසාගත නොහැකිව සිසුවිය නැවත නිවසට පැමිණ පසුව දෙමාපියන් සමග පොලිසියට පැමිණ පැමිණිලි කර තිබෙන බවත් හෙළි වී ඇත.
පසුව සිද්ධියෙන් මඟහැර සිටි සැකකරු අත්අඩංගුවට ගෙන නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇත.
මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එච්. ජනකාන්ත මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.
Share This Article