සකල ලෝකයටම සාමය රැගෙන ආ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිකෙරෙන අසිරිමත් නත්තල උදාවෙයි
Friday, 25 December 2020 - 6:37 | Views - 332

ජේසු බිළිඳුන්ගේ උපත සිහිකෙරෙන අසිරිමත් නත්තල ඊයේ රාත්‍රියේ උදාවූවා.
සකල ලෝකයටම සාමය රැගෙන ආ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත මෙවර සැමරීම ලෝකවාසී ජනතාව සිදුකළේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්වයි.
කිතුණු දහමට අනුව දෙවියන් වහන්සේගේ එකම පුතුණුවන්, සකල ලෝකවාසීන් පාපයෙන් ගලවා ගැනීම පිණිස මෙලොව උපත ලැබීම නත්තල ලෙස සැලකෙනවා.
මීට වසර 2020 කට ප්‍රථම දෙවියන් වහන්සේ විසින් ඒ සඳහා තෝරාගත් මරියා මව් තුමිය විසින් බෙත්ලෙහෙමේ දිළිඳු ගවහලක් තුළ ජේසු බිළිඳුන් මෙලොවට බිහිකිරිමේ අසිරිමත් සිදුවීම ඊයේ මධ්‍යම රාත්‍රීයේ ලෝකවාසි කිතුණුවන් සිහිකරනු ලැබුවේ මහත් බැතියෙන්.
කෙසේ වෙතත් කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් මෙවර නත්තලේ අසිරියට එල්ල වී ඇති බලපෑම සුළු පටු නැහැ.
නත්තල් සැරසිලි මෙන්ම නත්තල් සමයට වෙනදා මාර්ග දෙපස ඉදිකරන තාවකාලික වෙළඳකුටිද මෙවර දක්නට ලැබුණේ සුළු වශයෙන්.
ලොව ප්‍රධාන නත්තල් දේවමෙහෙය ඊයේ රාත්‍රියේ අති උතුම් ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් විසින් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්වුනා.
කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් මෙවර වතිකානයේ ප්‍රධාන දේවමෙහෙයද පැවැත්වුනේ සීමිත ජන සහභාගීත්වයකින්.
Share This Article